ස්විට්සර්ලන්තයේ දුම්රිය සේවාව අරඹා අවුරුදු 175ක් පිරීම නිමිත්තෙන් ලොව දිගම මගී දුම්රිය නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් විය. මෙය ලොව දිගම මගී දුම්රිය වාර්තාව තැබුවේ ස්විට්සර්ලන්තයේ රේටියන් (Rhaetian) දුම්රිය සමාගම විසිනි. මැදිරි 100කින් සමන්විත එම දුම්රියේ සම්පූර්ණ දිග ප්රමාණය වන්නේ කිලෝමීටර් 1.9කි.

- මැදිරි ගණන: 100
- මුලු දිග: මීටර් 1,906 (6,266-foot)
- බර: ටොන් 2,990
- වේගය: පැයට කිලෝමීටර් 35
පැයක් ඇතුළත කිලෝමීටර් 25ක් ආවරණය කළ හැකි මෙහි මුල්ම ගමන සඳහා මගීන් 150 දෙනෙකු ගමන් කර තිබේ. නැගෙනහිර ස්විට්සර්ලන්තයේ Preda හා Alvaneu හරහා වැටෙන Albula-Bernina මාර්ගයේ මෙම දුම්රිය ධාවනය විය. මෙම Albula-Bernina මාර්ගයේ කිලෝමීටර් 25ක පමණ කොටසක් 2008 වසරේදී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවටද ඇතුළත් විය. මෙම දුම්රිය උමං මාර්ග 22ක්, කඳු හරහා සර්පිලාකාර මාර්ගවල මෙන්ම, වක්ර වූ Landwasser Viaduct ඇතුළු පාලම් 48ක් මතින් මෙය ගමන් කරයි.

Rhaetian Railway හි ප්රධාන විධායක නිලධාරියා වූ Dr Renato Fasciati සඳහන් කර සිටින්නේ, අපට කොරෝනා වසංගතය හේතුවෙන් යම් ගැටලුවක් ඇති වුණා. දුම්රියවල ගමන් කරන සංචාරක අඩුවීමත්, යුනෙස්කෝ ලෝක උරුම ලෝකෙට ගෙන යාමටත් මෙම ලෝක වර්තාව හරහා අවස්ථාව සැලසෙනු ඇතැයි සඳහන් කරයි.
මෙය විදුලි බලයෙන් ක්රියාකරන දුම්රියක් වන අතර, අමතර වෝල්ට්11,000ක ප්රමාණයක් බල සැපයුම් පද්ධතියට එක්කරන ලදී. තවද මෙහි වේගය පැ.කි.මී. 35 දක්වා සීමා කළ අතර, බලය සීමා කිරීම සඳහා මෘදුකාංග යාවත්කාලින කිරීමක්ද සිදුකර තිබේ.

Takata Airbag ගැටලුව
Takata (ටකාටා) Airbag පිළිබඳ දැවැන්ත ප්රශ්ණයක් මේ වනවිට පැන නැගී තිබේ. මෝටර් රථ නිෂ්පාදනය…