නේපාලයේ Tara Air ගුවන් සේවයේ 9N-AET DHC-6-300 Twin Otter මාදිලියේ ගුවන් යානයක් ඊයේ (29දා) උදෑසන අනතුරකට ලක්වී විය. එම ගුවන් යානයේ සුන්බුන් සොයා ගැනීමට සහන කණ්ඩායම් සමත්වී තිබේ. මෙම ගුවන් යානයක් ගොඩබෑමට මිනිත්තු 5කට පමණ පෙර ඊයේ දිනයේදී රේඩාර් තිරයෙන් අතුරුදන් වූ බවත්, එම අවස්ථාවේදී යානය තුළ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 22දෙනෙකු ගමන් කරමින් සිටි බවත් වාර්තා වෙයි.

යානය අනතුරට පත්වන විට ඉන්දියානුවන් 4දෙනෙකුද, ජර්මන් ජාතිකයන් 2නෙකුත්, නේපාල ජාතිකයන් 13දෙනෙකු හා කාර්යමණ්ඩලයේ 3 දෙනෙකු ගමන් කර ඇත. මෙහි ගුවන් නියමුවා ලෙස Prabhakar Ghimire, යානා සහායක ලෙස Kismi Thapa හා කාර්යය මණ්ඩල සාමාජිකයෙකු ලෙස Utsav Pokharel කටයුතු කර තිබේ.

මෙම ගුවන් යානය නේපාලයේ පොකාරා (Pokhara) නුවර සිට ජොම්සොම් (Jomsom) වෙත පියාසර කරමින් තිබියදී උතුරු නේපාලයේ මුස්ටැංග් (Mustang) දිස්ත්‍රික්කයේ කඳුකර ප්‍රදේශයකදී අනතුරට ලක් වී තිබේ.
අයහපත් කාලගුණය සහ කඳුකර ප්‍රදේශ හේතුවෙන් සෝදිසි මෙහෙයුම්වලට බාධා එල්ල වූ අතර පැය 24 කට ආසන්න කාලයක් පුරා සිදුකල මෙහෙයුමකින් පසු යානයේ සුන්බුන් සොයාගත හැකි වූ බවත් එහිදී මළසිරුරු 14ක් සොයාගැනීමට හැකි වී තිබේ.
යානයේ අනතුරට හේතු වී ඇති බවට වාර්තා වෙන්නේ මීදුම් සහිත අයහපත් කාලගුණ තත්ත්වයයි. මෙම ගුවන් යානය 1978 වසරේදී නිපදවූ අතර 1979 අප්‍රේල් මාසයේදී පළමු ගුවන් පියාසැරිය සිදු කර තිබේ.


ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර
ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…