Tesla සමාගමේ Cybertruck රථයේ මහාපරිමාණ නිෂ්පාදන නැවත වරක් ප්‍රමාද වී තිබේ. ඒ අනුව 2024 දක්වා නිෂ්පාදන කල් යනු ඇත. නමුත් වාර්තා වෙන ආකාරයට Cybertruck මාදිලි කිහිපයක් මේ වසරේදී නිෂ්පාදනය කරන බවද වාර්තා වෙයි. 2019දී හඳුන්වාදුන් මෙම Cybertruck රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ වීමට නියමිතව තිබුණේ 2021 අගභාගයේදීය. කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එය කල් දැමීය. පසුව එය 2023 දී නිෂ්පාදන කටයුතු ආරම්භ කරනු ඇති බවට වාර්තා විය. තවද Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ ඉලෝන් මස්ක් සිය ආයෝජකයන්ට පවසා සිටියේ Cybertruck හි specs වල හා මිලෙහි යම් වෙනසක් ඇතිවනු ඇති බවයි.
ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර
ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…