ලෝකයේම අවධානය දිනාගන්නා පාපැදි සවාරියක් වන ප්‍රංශ පාපැදි තරගාවලිය (Tour de France) මීට දින කිහිපයකට පෙර ඩෙන්මාර්කයේදී නිමාවට පත් විය. ලොව පැරණිම පාපැදි සවාරිය ලෙස ඉතිහාසගතව ඇති මෙම තරගාවලිය වසර කිහිපයක් හැරෙන්නට 1905 වසරේ සිට මේ දක්වා වාර්ෂිකව ජුනි හා ජුලී මාසවලදී පවත්වා තිබේ.

Tour de France 2022

මෙවර ප්‍රංශ පාපැදි සවාරිය පවත්වා ඇත්තේ 109 වැනි වතාවටය. අදියර 21 යටතේ කිලෝ මිටර් 3,349ක් දුරක් පැවැත්වෙන මෙම තරගාවලියේ මෙවර ජයග්‍රාහකයා බිහිවන්නේ ඩෙන්මාර්කයෙන් වීමද විශේෂත්වයකි. ඒ 25වැනි වියෙහි පසුවන ‘ජෝනාස් වින්ගගාඩ්ය‘ (Jonas Vingegaard). විශේෂත්වය වන්නේ ඔහු මෙවර පාපැදි සවාරිය යටතේ පැවැති අදියර 21න් අදියර 2ක් පමණක් ජය ගැනීමට සමත්ව තිබිමය. නමුත්, අනෙකුත් අදියරවලදී ඔහු මුල් පාපැදිකරුවන් සිවුදෙනා අතර රැඳීමට සමත්වීම හේතුවෙන් සමස්ථ තරගාවලියේ ශූරයා ලෙස ඔහු තේරිපත් විය. ජෝනාස් පළමු තැන හිමි කරගනිද්දි දෙවැනි හා තුන්වැනි තැන පිළිවෙලින් ස්ලෝවැකියාවේ ‘ටාඩේජ් ෆෝගකාර්‘ (Tadej Pogačar)  හා මහා බ්‍රිතාන්‍යයේ ‘ග්‍රෙර්යින්ට් හොවෙල් තෝමස්‘ (Geraint Thomas) දෙදෙනා හිමි කරගනු ගත්හ.

Tour de France 2022 Winners

ප්‍රංශ පාපැදි සවාරියේ අතිත දත්ත නිරික්ෂණය කිරිමේදී හෙළිවන්නේ මෙම සවාරියේ ආරම්භය සිදුව ඇත්තේ 1903 වසරේදී බවය. එහෙත්, එම තොරතුරු නිල මට්ටමින් වාර්තා නොවන අතර, පළමු ප්‍රංශ පාපැදි සවාරියේ ජයග්‍රාහකයා ප්‍රංශයේ මොරිස් ගැරින් යන නම පමණක් මෙම දත්ත අතර සටහන්ව තිබෙනු දක්නට ලැබේ. කෙසේ වෙතත්, ප්‍රංශ පාපැදි සවාරියේ නිල තොරතුරු ඇතුළත් වන්නේ 1905 වසරේ සිටය.

එතැන් පටන් මේ දක්වා ප්‍රංශ පාපැදි සවාරිය යූරෝපයේ රටවල් 14ක පවත්වා ඇත. එමෙන්ම 2010 වසරේදී පමණක් යුරෝපයේ පැවැති ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මෙම සවාරිය ඔස්ට්‍රියාවේ පවත්වන්නට කටයුතු කර තිබුණි. වැඩිම වාර ගණනක් මෙම තරගාවලිය පවත්වා ඇත්තේ ප්‍රංශයේ වන අතර, ඒ අවස්ථා 36කදී. සත්කාරකත්වයේ වාසියද සමගින් මෙම තරගාවලියේ වැඩිම ජයග්‍රාහණ ප්‍රමාණයක් හිමි කරගෙන ඇත්තේද ප්‍රංශ පාපැදිකරුවන්ය. එයට හොඳම උදාහරණය නම් ප්‍රංශයේ ජැක්ස් ඇන්ක්යුටල් හා බර්නාඩ් හිනෝල්ට් දෙදෙනා අවස්ථා දහයකදී මෙම පාපැදි තරගාවලිය සමස්ථ ජයග්‍රහන හිමි කරගෙන තිබීමය.

ප්‍රංශ පාපැදි සවාරිය ආරම්භයේදී එය හුදෙක් විනෝදයට පවත්වා තිබෙන නමුදු වර්තමානය වනවිට එය පාපැදි තරගකරුවන්ට සල්ලි උනන උල්පතක් බදු ක්‍රීඩාවක් බවට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. ලොව පැරණිමතම පාපැදි සවාරිය මෙය වුවද මෙහි බොහෝ වෙනස්කම් සිදුවන්නට පටන්ගෙන ඇත්තේ 2000 වසරෙන් පසුව බව සඳහන් වෙයි. ලෝකයේ සුවිශේෂි නාමයන් සහිත ධනවත් ව්‍යාපාරයන් මෙම පාපැදි සවාරියට නිල වශයෙන් අනුග්‍රාහකත්වය දරන්නට යොමු වීමත් සමග තරගාවලියට එකතුවන පාපැදි තරගකරුවන්ටද ඉහළ වටිනාකමක් ලැබෙන්නට වි ඇත.

පසුගිය ජුලි 24 වැනිදා නිමාවට පත්වූ මෙහි සමස්ථ තරගාවලියේම ජයග්‍රාහකයාට හිමි ත්‍යාග මුදල පවුම් 430,000කි. දෙවැන්නාට පවුම් 170,00ක් හිමිවෙන අතර, එය ඇමෙරිකානු ඩොලර් 211,000ක මුදලක වටිනාකමක් ගනියි. තෙවැන්නාට පවුම් 86,000ක් මුදලක් හිමිවේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ මෙම තරගාවලියට එකතු වෙන සෑම පාපැදිකරුවෙකුම (මුල් පාපැදිකරුවන් 20 දෙනාට අමතරව) තරගාවලිය නිමාවත් සමග ඇමෙරිකනු ඩොලර් 2500කට ආසන්න මුදලක් සිය නිවසට රැගෙන යන බවය. එය ශ්‍රී ලංකාවේ මුදලින් නම් ලක්ෂ නමයකට වඩා වැඩි මුදලක් වෙයි.

G2EYOIZI2VEVVPHFLCBZWWZ7FY
ciclismo game tour de france 2022 ja esta disponivel
tdf 2022 dossier de presse 72 1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

ශ්‍රී ලංකා රියැදුරු බලපත්‍රය ඉතාලියේදීත් භාවිත කිරීමට අවසර

ඉතාලියේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ට මෙරට වලංගු රියැදුරු බලපත්‍රය එරටදී භාවිත කිරීමට අවසර ද…