ෆින්ලන්තයේ Formula 1 ධාවකයෙකු වූ Mika Hakkinen විසින් නවතම Design එකකින් යුක්ත යතුරුපැදියක් නිපදවා තිබේ. Verge Motorcycles යන නමින් හඳුන්වන මෙය විද්‍යුත් යතුරුපැදියකි. සිත කළඹන හැඩයක් සහිත මෙය මෙම වසරේ පැවැති CES 2023 ප්‍රදර්ශනයේදී මුල්වරට ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළේය.

මෙම යතුරුපැදි ප්‍රධාන මාදිලි දෙකකින් යුක්ත වෙනවා.
- TS, PRO & ULTRA
- HÄKKINEN EDITION
HÄKKINEN EDITION
Verge Motorcycles හා legendary Formula 1 champion කෙනෙකුගේ සුසන්යෝගයෙන් බිහිවූ නිර්මාණයකි. සුඛෝපභෝගී, බලවත් මෙන්ම නව නිර්මාණයක් වන මෙය මාදිලි 100ක් පමණක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි. ඒ අනුව මෙය ධාවනය කිරීමේ අවස්ථාව හිමිවන්නේ තෝරාගත් කිහිප දෙනෙකුට පමණක් වීමද HÄKKINEN EDITION යතුරුපැදියේ විශේෂත්වයකි.
ඒ වගේම මෙම යතුරුපැදියේ Mika Häkkinen ගේ අත්සන සහිත SIGNATURE PLATE එකකින්ද සමන්විත වෙයි. තවද, Customized All-black Suspension Design එකකින්ද, අලු හා රිදී පැහැති Dual-tone එකකින්ද යුක්ත වෙයි. කාබන් ෆයිබර්වලින් අලංකාර වන අතර, සිහින් Ceramic Coating එකක් ආලේපනය කර තිබේ. පදම්කල සම් වර්ග දෙකකින් ඉහළ නිමාවකින් යුතුව ආසන සකසා ඇති නිසා මනා සුවපහසුවක් හා අලංකාරයක් එක් කරනු ලබයි.


TS, PRO & ULTRA
ඉහත HÄKKINEN EDITION විශේෂ මාදිලිය හැරුණු විට ප්‍රධාන කාණ්ඩය ඔස්සේ TS, PRO හා ULTRA ලෙස තවත් යතුරුපැදි මාදිලි 3ක් නිෂ්පාදනය කරනු ලබයි.

TS
2024 දී ඇ.ඩො.26,900කට වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.
TORQUE | 1200 NM |
POWER OUTPUT | 201 HP |
0-60 MPH | 2.5 SEC |
TOP SPEED | 124 MPH |
FAST CHARGING | 25 MIN |
RANGE | UP TO 233 MI |
TS PRO
2024 දී ඇ.ඩො.29,900කට වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.
TORQUE | 1000 NM |
POWER OUTPUT | 137 HP |
0-60 MPH | 3.5 SEC |
TOP SPEED | 124 MPH |
FAST CHARGING | 35 MIN |
RANGE | UP TO 217 MI |
TS ULTRA
20.2 kWh battery එකකින් සමන්විත TS ULTRA විද්‍යුත් යතුරුපැදිය මේ වසර අවසාන වනවිට දී ඇ.ඩො.79,900කට වෙළෙඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.
TORQUE | 1200 NM |
POWER OUTPUT | 201 HP/ 150 KW |
0-60 MPH | 2.5 SEC |
TOP SPEED | 124 MPH |
FAST CHARGING | 25 MIN (0 to 80%) |
RANGE | UP TO 233 MI |




ඒ වගේම මෙහි, ඉදිරිපස හා පිටුපස 120/70 R17 (58 W) හා 240/45 R17 (82 W) වලින් යුක්ත වෙයි. මි.මී. 150ක Ground clearance එකකින්ද, 1540 mm ක Wheelbase එකකින්ද සමන්විතයි. 20.2 kWh battery එකකින් බලගැන්වෙන අතර, ඉදිරිපස හා පසුපස පිළිවෙළින් 120mm හා 106mm Suspension වලින් යුක්ත වෙයි.

සුදු, කළු, රතු, කහ, කොළ හා දම් පැහැයෙන් මිලදීගත හැකි අතර ආසන සඳහා Black Leather, Perforated Black Leather හා Racing Black Alcantara යන ආකාර 3න් මිලදී ගත හැකිය.

Aehra සමාගමේ කි.මී.800ක් ධාවනය වන නවතම EV රථය
ඉතාලියේ නවතම මෝටර් රථ සන්නාමයක් වන Aehra සිය මුල්ම විද්‍යුත් මෝටර් රථයේ ඡායාරූප කිහිපයක් එ…