පුංචි කාලයේදී Plane එකක් අහසේ යනකොට දුවගෙන ගේ ඉස්සරහට යනවා. තේරෙන කාලෙ වෙනකොට ඒ පුරුද්ද අපෙන් ඈත්වෙනවා. ඒත් තේරෙන කාලෙත් අහසේ jet එකක් යනකොට නොදැනුවත්වම බැලෙන අවස්ථාත් නැතුව නෙමෙයි. ඉතින් තේරෙන කාලෙත් නොතේරෙන බොහෝ දේවල් බහුතරයකට තිබෙනවා. එහෙම දෙයක් තමයි Jet එකකින් සුදු දුමක් දාගෙන යන එක (jet contrails). මුලින්ම තියුණු සිහින් දුමක් ලෙස පෙනුනද, ටික වේලාවක් ගතවෙන විට එය පුළුල් රේඛාවක් බවට පත්වී සෙමින් සෙමින් නැතිවී යනවා. මේ අත්දැකීම හැමෝම විඳලා ඇති. අන්න ඒ සංසිද්ධිය ගැන අද අපි කතාකරමු…

හැම Plane එකක්ම අහසේ යනකොට දුමක් පේන්නේ නෑ. දුමක් පේන්නේ ඉහළ උන්නතාංශයකින් ගමන් කරන ගුවන් යානාවලින් විතරයි. ඒ කියන්නේ මුහුදු මට්ටමින් වැඩිම උසකින් පියාසර කරන යානාවලින්. එවැනි වායුගෝලීය ස්ථරයක පවතින වායු තට්ටු සිහින් හා සීතලකින් යුක්ත වෙනවා. කඳුමුදුනකට යන්න යන්න සීතල දැනෙන්නෙත් මේ හේතුව නිසා. ඉතින් කඳු මුදුනට වඩා අඩි ගණනාවක් උඩින් තමයි මේ ගුවන්යානාවල ගමන් පථය පිහිටන්නේ. ඒ නිසා සාපේක්ෂව අධික සීතලක් ඒ වායුතට්ටුවල පවතිනවා. තවද ඉහළට යන්න යන්න වායු පීඩනයද අඩුවෙනවා.
සාමාන්‍යයෙන් මේ සිද්ධිය වෙන්නේ අඩි 26,000කට වඩා උඩින් යද්දී,
ඒ වනවිට උෂ්ණත්වය සෙල්සියස් අංශක -36.5ට වඩා අඩුයි.
මෙවැනි තත්ත්වයක් හමුවේ රත් වූ ජෙට් එන්ජිම්වලින් අධික උණුසුමකින් හා ආද්‍රතාවකින් යුත් වාෂ්ප වායුගෝලයට පිටකරනවා (exhaust). ඒ පිටකරන වාෂ්ප වායුගෝලීය පීඩනයට හා උෂ්ණත්වයට වඩා වැඩියි.

ජෙට් එන්ජිමකින් ඉන්ධන දහනය වීම සිදුවෙනවා. ඉන්දන කියන්නේ හයිඩ්‍රොකාබන් විශේෂයක්. ඒ කියන්නේ කාබන් හා හයිඩ්‍රජන් මූලද්‍රව්‍ය එකතුවී නිර්මාණය වන සංඝටකවලට. මේ හයිඩ්‍රොකාබන් දහනය වී එනම් ඔක්ෂිජන් සමග ප්‍රතික්‍රියාකර, කාබන්ඩයොක්සයිඩ් හා ජලය පිටකරනවා. මේ ක්‍රියාවලියේ පවතින්නේ හයිඩ්‍රජන් හා කාබන් පමණයි. මෙසේ ජලය පිටවන්නේ රත්වූ ජලවාෂ්ප ලෙසයි. ඉතා කුඩා ජලවාෂ්ප මිලියන ගණනක් එක විට වායුගෝලයට මුදා හැරෙනවා.
දැන් වායුගෝලයෙත් පවතින්නේ අධික සීතලක්. මේ නිසා මේ කුඩා ජලවාෂ්ප අයිස් ස්ඵිටික ලෙස ඝණීභවනය වෙනවා. උදාහරණයක් ලෙස, සීතල දිනක ඔබ උණුසුම් ප්‍රශ්වාස සිදුකිරීමේදී වන සංසිද්ධියට සමාන සංසිද්ධියක් තමයි මෙහිදී සිදුවෙන්නේ.

එන්ජිම් මගින් පිටකරන සංඝටකවල කාබන්ඩයොක්සයිඩ් හා ජලවාෂ්පවලට අමතරව සල්ෆර්, නයිඩ්‍රජන් හා රසදියද කුඩා ප්‍රමාණවලින් අන්තර්ගත වෙනවා. ඒ මූලද්‍රව්‍යද ඔක්ෂිජන් සමග ප්‍රතික්‍රියා කර සල්ෆර්ඩයොක්සයිඩ් වැනි සංඝටකත් නිෂ්පාදනය කරනවා.
එසේ අහසේ ඇදෙන දුම් රේඛාවේ, ප්‍රමාණය, තියුණු බව හා පවතින කාලය තීරණය කරනු ලබන්නේ ගුවන් යානය ගමන් කරන උස ප්‍රමාණයයි.
Contrails Gap

ඇතැම් ජෙට් යානාවල මේ contrails එකයි එන්ජින් එක අතරයි හිස් හිඩසක් දක්නට ලැබෙනවා. ගුවන්යානා විශේෂ අනුව මෙය වෙනස් වෙනවා. එන්ජිමෙන් පිටකරන ජලවාෂ්ප අධික සීතලට ඝණීභවනය වෙනවනම් මේ Gap එක නැත්නම් හඩසක් ඇතිවෙන්නේ කොහොමද යන ගැටලුව පැන නගින්න පුළුවන්. මේක හැදෙන්නේ ප්‍රධාන වශයෙන් ජෙට්යානයේ වේගය මතයි. ගුවන් යානයක් පිටකරන ජලවාෂ්ප ඝණීභවනය වීමට යම් කාලයක් ගතවෙනවා. ගුවන් යානය වේගයෙන් යනවිට ඒ කාලය සාපේක්ෂව වැඩියි. එතකොට ලොකු Gap එකක් පේනවා. සෙමින් යනවිට contrailsඑකේ ආරම්භය හා ගුවන් යානය අතර දුර අඩු නිසා කෙටි Gap එකක් පේනවා.
- ඊට අමතරව දිගු Gap එකක් ඇතිවීමට, ජෙට් යානයේ අධික වේගය, එන්ජිමේ අඩු exhaust වේගයක් හා cooler exhaust එකක් පැවැතීමත් ගුවන්යානය ඉහළ උන්නතාංශයකින් ගමන් කිරීමත් බලපානවා.

- අඩු Gap එකක් ඇති වීමට ජෙට් යානයේ වේගයේ අඩුබව, එන්ජිමේ වැඩි exhaust වේගයක් හා cooler exhaust එකක් පැවැතීම මෙන්ම ගුවන්යානය පහළ උන්නතාංශයකින් ගමන් කිරීමත් බලපානවා. එනම් අඩු උඩකින් ගමන් කිරීම. එවිට වායුතට්ටුවල උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවන නිසා ජල වාෂ්ප මිදීමට කාලයක් ගතවෙයි.

මේ Gap එක ගැන කතා කරනවිට එකම ජෙට් යානයේ Gap දෙකක්ද දකින්න පුළුවන්. මෙසේ වන්නේ එක් එන්ජිමකට සූර්යයාලෝකය වැටීමත් එවිට අනිත් එන්ජිම ගුවන්යානයේ සෙවනැල්ල වැටී කලුවර වීම නිසාය. සූර්යයාලෝකය වැටෙන පැත්තේ එන්ජිමෙන් නිකුත්වෙන contrails එක අතර Gap එක ඒ නිසා වැඩිවෙනවා. ඒ සූර්යයාලෝකය නිසා වායු තට්ටුවේ උෂ්ණත්වය ඉහළ යෑම නිසාය.

පර්යේෂණ

2013 – 2014 කාලවලදී NASA, ජර්මානු අභ්‍යවකාශ ආයතනය හා කැනේඩියානු ජාතික පර්යේෂණ කවුන්සිලය එක්ව සිදුකළ පරීක්ෂණවලදී Biofulesවලදී මෙම contrails එක ඇති වීම අඩු කරන බව සොයාගන්නා ලදී. එහිදී පෙනී ගියේ Biofulesවලින් දැලි ඉතා අඩුවෙන් පිටවන බවයි. මේ පිළිබඳව DC-8 ගුවන්යානය යොදාගනිමින් සිදුකළ පර්යේෂණයේදී මෙම දැලි නිපදවීම 50%-70%කින් පමණ අඩුවන බවයි.
වර්ණවත් contrails

අළුයම අහසේ ඇතිවන contrailsවල තැඹිලි පැහැයක් දක්නට ලැබේ. මෙය සිදුවන්නේ හිරුඑළියේ පරාවර්තනය වීම නිසාය. ඊට අමතරව දේදුනු පැහැයෙන් යුත් contrailsද දැකගන්න පුළුවන්. මෙයින් පිටවන ජලවාෂ්ප තුළින් හිරු එළිය ගමන් කිරීමේදී සිදුවන වර්තනය අපේ පියවි ඇස ආපාතනය කරන කෝණය හා ගැලපුණු විට වර්ණාවලිය දැකගත හැකිය. මෙයත් ප්‍රාථමික භෞතික විද්‍යා මූලදර්මයකි.
Chemtrails

1990 දී මෙම contrails නිර්මාණය කරන්නේ රසායනික ද්‍රව්‍යවලින් බවත්, එය රජයන් වල අවශ්‍යතාව අනුව සිදුකරන බවත් ජනප්‍රිය විය. ඒ හේතුව නිසා මෙය chemtrails යන නමින් ජනප්‍රිය විය. නමුත් පසුකාලයේදී විද්‍යඥයන් විසින් මෙහි වෙනවම රසායනික ද්‍රව්‍ය භාවිතයක් සිදුනොකරන අතර, හුදෙක්ම භෞතික විද්‍යාව මත පදනම් වූ ජෙට් එන්ජිමේ ක්‍රියාකාරීත්වය හා කාලගුණය අතර ඇති සම්බන්දයක් බවත් පෙන්වා දුන්නේය.
තවද මෙම ඇදෙන රේඛාවෙන් කාලගුණ තත්ත්වය පිළිබඳවද පුරෝකථනය කිරීම්වලටද පර්යේෂකයන් පෙළඹී සිටියි. එපමණක් නොව පෘථිවියේ විකිරණ සමතුළිතතාවය පිළිබඳවද අණාවරණය කරගත හැකි වෙයි.
Takata Airbag ගැටලුව
Takata (ටකාටා) Airbag පිළිබඳ දැවැන්ත ප්‍රශ්ණයක් මේ වනවිට පැන නැගී තිබේ. මෝටර් රථ නිෂ්පාදනය…