වාහනයක් තිබෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම Wheel Alignment එකක් කරලා තියෙන්න ඕන. අලුතෙන්ම වාහනයක් මිලදී ගන්නේ නම් එය එතරම් අත්‍යඅවශ්‍ය කරුණක් වන්නේ නැහැ. නමුත් අලුත් ටයර් යෙදීමේදී, අසාමාන්‍ය ලෙස ටයර් ගෙවීමේදී වගේ තත්ත්ව මත Wheel Alignment එකක් කරගන්න එක හොඳයි. සමහරු මෙය එතරම් අත්‍යඅවශ්‍ය නොවන කරුණක් ලෙස සැලකුවද මෙය අනිවාර්යය අංගයකි. ඉතින් Wheel Alignment කියන්නේ මොකක්ද, කරන්නේ මොකක්ද වගේ දේවල් අපි මේ යටතේ කතා කරමු.

Main 1 2

සාමාන්‍යයෙන් Wheel Alignment කියලා කරන්නේ Suspension පද්ධතිය නිසියාකාරව සකස් කිරීමයි.

Wheel Alignment කිරීමේ අවශ්‍යතාව

  • ධාවනයේදී එක් පැත්තකට ඇදී යාම
  • ටයර්වල එක් පැත්තක කට්ටා ගෙවී යාම
  • වංගු ගැනීමේදී ඇතිවන අපහසුතා
  • වාහනය අනතුරකට ලක්වූ විට
  • Suspension පද්ධතියේ වෙනසක් සිදුකළ විට

මෙවැනි මූලික දෝෂවලට අමතරව තවත් දෝෂ තිබෙනවා.

Wheel Alignment වෙනස්වීමට හේතු

  • වලවල් සහිත අබලන් මාර්ගවල ධාවනය
  • මාර්ගයේ ඇති බාදක මගින් අපරික්ෂාකාරිව ධාවනය

වැනි විවධ හේතුන් නිසා වාහනයේ Suspension පද්ධතියේ වෙනස්කම් සිදුවෙන්න පුළුවන්.

Wheel Alignment දෝෂ හඳුනාගැනීම

මෙය පියවර කිහිපයකින් යුක්ත පරීක්ෂාවකි. මුලින්ම රෝද 4ටම එක සමාන ලෙස හුළං ගහගන්න. ඉදිරිපස හොඳම තත්ත්වයේ පවතින ටයර් දෙකක් සවිකර ගන්න. වෙනත් වාහන හා මිනිසුන් රහිත හුදකලා කෙලින් තියෙන කාපට් පාරක් සොයා ගන්න වෙනවා. ඉන් පසු එම පාරේ ධාවනය කරන විට සුක්කානමෙන් අත ඉවත් කර මීටර් 100-200ක් රථයට ධාවනය වන්න දෙන්න. මේ කාලය අතර තුර වාහනය පැත්තකට ඇදී යනවාදැයි නිරීක්ෂණය කරන්න. එසේ පැත්තකට ඇදීයන ස්වභාවයක් පවතින්නේ නම් Wheel Alignmentවල දෝෂයක් තිබේ.

මීට අමතරව කෙලින් පාරක ගමන් කරන විට සුක්කානම නිවැරදි පිහිටුමේ නොතිබීම. එනම් කිසිඳු පැත්තකට හැරවීමක් සිදු නොවී තිබිය යුතුය. එසේ නොවන්නේ නම් Wheel Alignment පරීක්ෂා කිරීම වැදගත් වෙයි. තවද වංගු ගැනීමේදී සුක්කාම දෙදරීම වැනි කරුණුත් Wheel Alignment පරීක්ෂා කිරීමට මං පාදනු ඇත.

Araclara Lastik Ayari Yapmak Neden Onemlidir

Wheel Alignment කිරීම

මෙහිදී සිදුවන්නේ කාලයත් සමග වාහනයේවිවිධ කොටස් වෙනස් වීමට ලක්වෙනවා. මෙසේ වෙනස්වීමට ලක්වන කොටස් සොයා බැලීම Wheel Alignment කිරීමේදී මූලිකව සිදුවෙයි. තවද වාහනයේ රෝද 4 මධ්‍ය ලක්ෂ යා කරන රේඛා සමාන්තරව පිහිටිය යුතු අතර එයද Wheel Alignment කිරීමේදී සකස් කරනු ලබනවා. මෙහිදී ප්‍රධාන ලෙස කෝණ 4ක් පිළිබඳ අවධානය යොමු කරනවා. එනම්,

  1. Camber Angle
  2. Caster Angle
  3. Toe Angle
  4. King pin inclination (KPI)

  1. Camber Angle

Camber Angle (කැම්බර් කෝණය) යනුවෙන් අදහස් වන්නේ වාහනයේ රෝද ඉදිරියෙන් සිට බැලීමේදී රෝද සිරසට දරණ ආනතියයි. මෙම ආනතිය සිරසත් සමග සාදන කෝණය Camber Angle එකයි. සිංහලෙන් ‘හැඩ කෝණය‘ ලෙසද මෙය උගන්වනු ලබයි. මෙය වෙනස් වූ විට මූලිකවම සිදුවන්නේ ටයරයේ එක් පැත්තක් ගෙවී යාමයි. Bearing, Ball joint හා Suspension පද්ධතියේ කොටස් ගෙවී යාමෙන් හා අධික බර පැටවීමත්, අබලන් මාර්ගවල ධාවනයත් මෙම කැම්බර් කෝණය වෙනස් වීමට බලපානවා. ටයරටක් සාමාන්‍යයෙන් පැත්තක් ගෙවෙනවා යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ එම පෘෂ්ඨය පොළවේ ස්පර්ශවීම වැඩියි යන්නයි. එනම් රෝදයේ කුඩා ඇදයක් තිබිය යුතුය. මෙහිදී රෝද ඇදවීම ආකාර 3කින් යුක්ත වෙයි.

Camber angle
1, Negative camber. 2, Wheel vertical centre line. 3, Positive camber

  • Positive Camber

Positive Camberයනු වාහනයේ රෝද ඉහළින් එළිය දෙසට නැමී ඇති බවයි. මෙවැනි පිහිටුමකදී වාහනය ධාවනය හා හැසිරවීම පහසුවෙයි. බර පැටවූ අවස්ථාවලදී Negative Camber එකක් ඇතිවීම වැලැක්වීමටද Positive Camber එකක් තිබීම වැදගත් වෙනවා. මේ නිසා තමයි බරපටවන වාහන, Off-roadවාහනවල Positive Camber එකක් දක්නට ලැබෙන්නේ.

  • Negative Camber           

Negative Camber නැත්නම් Zero Camber යන්නෙන් අදහස් වන්නේ වාහනයේ රෝද ඉහළින් ඇතුළට දෙසට නැමී ඇති බවයි. Positive Camber එකකට වඩා Negative Camber එකක් පැවතීමෙන් වාහනය වංගු ගැනීමේදී පහසුවක් ඇතිවෙයි.

  • Neutral Camber

මෙහිදී වාහනය නිවැරදි පිහිටුමේ පිහිටීම Neutral Camber නමින් හඳුන්වනවා. මෙහිදී කැම්බල් කෝණය 0 වෙයි.

2. Caster Angle

සිංහලෙන් මෙය හඳුන්වන්නේ ‘අනුගාමී කෝණය‘ නමිනි. වාහනයේ පැත්තෙන් රෝද දෙස බැලූවිට රෝදයේ තිරස් අක්ෂය හා සුක්කානමේ සිරස් අක්ෂය අතර කෝණය වෙනස් වීම Caster Angle (කැස්ටර් කෝණය) ලෙස හඳුන්වනවා. වංගු ගැනීමට, වාහනයේ ස්ථායිතාවයට මෙම කෝණය වැදගත් වෙනවා. මෙම කෝණයේත් වෙනස් වීම මත ආකාර 3කින් යුක්ත වෙයි.

Castor angle
1, Negative castor. 2, Wheel vertical centre line. 3, Positive castor

  • Positive Caster

කළින් සඳහන් කළ සුක්කානමේ අක්ෂය, රියැදුරු දෙසට නැඹුරුවීමෙන් සෑදෙන ධන (+) අගයක් සහිත කෝණය Positive Caster ලෙස හඳුන්වයි.

  • Vertical Caster

කැස්ටර් කෝණය ධන හෝ ඍන අගයක් නොගෙන 0 අවස්ථාවේ පවතින්නේ නම් එය Vertical Casterඑකක් ලෙස සලකයි.

  • Negative Caster

සුක්කානමේ අක්ෂය, රියැදුරුගෙන් ඔබ්බට එනම් වාහනයේ බොනට්ටුව දෙසට නැඹුරුවීමෙන් සෑදෙන ඍන (-) අගයක් සහිත කෝණය Negative Caster ලෙස හඳුන්වයි.

3. Toe Angle

මෙයින් නිරූපනය වන්නේ වාහනය ඉහළ සිට බැලූවිට රෝද නැඹුරුවී ඇති දිශාවයි. එනම් ඉහළ සිට බැළීමේදී රෝදය වාහනය තුළට ආනත වීද, වාහනයෙන් ඉවතට ආනත වීද යන්න සොයා බලයි. පාදයේ මාපටගිල්ලේ පිහිටීම මෙම රෝද හැරවුමට සමාන අතර මේ නිසා Toe ලෙස හඳුන්වයි. සිංහලෙන් මෙය හඳුන්වන්නේ ‘ඇතුළත ඇලය හා පිටත ඇලය’ ලෙසයි. වාහනයේ සුක්කානම හරි මැදට පිහිටන්නේ නැතිනම් මෙම Toe කෝණ වෙස්වී තිබිය හැකිය. පහත ඡායාරූපයෙන් එය පහසුවෙන් තේරුම් ගත හැකිය. මෙයත් ආකාර 2කි.

Toe in and toe out
1, Toe-in. 2, Vehicle centre line. 3, Toe-out

  • Toe-in

වාහනයේ රෝද වාහනය තුළට ආනත වීම Toe-in නැතිනම් Toe Positive ලෙස හඳුන්වනවා

  • Toe-out

වාහනයේ රෝද වාහනයෙන් ඉවතට ආනත වීම Toe-Out නැතිනම් Toe Negative ලෙස හඳුන්වනවා

4. King pin inclination (KPI)

ඉහත ප්‍රධාන කරුණු 3ට අමතරව සිදුකරන තවත් ක්‍රියාවලියක් තමයි King pin inclination (KPI) කියන්නේ. මෙය steering axle inclination (SAI) නමින්ද හඳුන්වනු ලබනවා. සිංහලෙන් මෙය හඳුන්වන්නේ ‘රජ ඇණ ආනතිය’ නමින්. ඉදිරියේ සිට රෝද දෙස බැලූ විට රෝදය Ball Joint දෙක අතර සිරසට දක්වන ආනතියයි.

සාමාන්‍යයෙන් වාහනයක් නිෂ්පාදන සමාගම් විසින් මෙම Camber Angle, Caster Angle, Toe Angle හා King pin inclination (KPI) සඳහා සම්මත අගයන් ලබාදෙනු ලබයි. මෙය වාහනයේ වර්ග අනුවද වෙනස් වෙයි.

King pin inclination KPI

මෙම සම්මත අගයන් වෙනස් කරන අවස්ථා තිබෙනවා. හොඳම උදාහරණය තමයි Sport මෝටර් රථ සඳහා හැසිරවීමේ පහසුව වැනි හේතු මත මෙම සම්මත තත්ත්ව වෙනස් කරනු ලබනවා. කෙසේ නමුත් සම්මත තත්ත්වයන්ගෙන් වෙනස් කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම කළින් සඳහන් කළ දෝෂ ඇති වීමේ ප්‍රවණතාව වැඩි වෙයි.

Wheel Alignment කිරීමේ පියවර

  • Wheel Alignment කරන ස්ථානයේ කාර්මිකයා විසින් සාමාන්‍යයෙන් Testrun එකක් යනු ලබනවා.
  • පසුව Suspension පද්ධතියේ කොටස් ගෙවී ගොස් හෝ හානි වී ඇති දැයි පරීක්ෂා කරනු ලබනවා.
  • එසේ හානි වී හෝ කැඩී ගොස් තිබේ නම් එය අලුත්වැඩියා කිරීම සිදුකරනු ලබනවා.
  • සෑම ටයරයකටම එකම ප්‍රමාණයකින් හුළං ගහනවා
  • අනතුරුව Wheel Alignment මැෂින් එකට වාහනය සවිකරනු ලබනවා
  • පසුව Suspension වල අවශ්‍ය වෙනස් කම් සිදුකරනවා. මෙහිදී Camber Angle, Caster Angle හා Toe Angle කෝණවල වෙනසක් සිදුවී ඇතිදැයි ප්‍රධාන වශයෙන් සොයා බලනවා.
  • සුක්කානම මධ්‍යගතව පවතින්නේදැයි පරීක්ෂා කරනවා
  • දෝෂ ඇත්නම් ඒ සියල්ල පිළිසකර කර අවසානයේදී නැවතත් Testrun එකක් යනු ලබනවා

Wheels alignment camber

මෙම පියවරවල් Wheel Alignment කරන ස්ථාන අනුව වෙනස් විය හැකිය. සාමාන්‍යයෙන් පොදු ක්‍රියාවලිය මෙයයි. ශ්‍රී ලංකාවේ ඇතැම් Wheel Alignment කරන ස්ථානවල Testrun එකක් නොයන අවස්ථාද තිබෙනවා. ඒ ඔවුන්ට ආවේණික වූ ආකාරයට සිදුකරන බැවිනි. කෙසේ නමුත් Wheel Alignment කිරීමක් යනු සුළුවෙන් තැකිය යුත්තක් නොවෙයි. තවද Wheel Alignment කරන්නේ නම් ඒ සඳහා දක්ෂ කාර්මික මණ්ඩලයක් සිටින ස්ථානයකින් එය සිදුකිරීමද වැදගත් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

මොකක්ද engine Bore කරනවා කියන්නේ?

වාහන පදින ඔබ එන්ජිමක් බෝර් කිරීම පිළිබඳ අනිවාර්යයෙන්ම අසා තිබිය යුතුය. මෙය ටිකක් මුදල් විය…