ඔබේ වාහනයේ Wiper වලට නිසි නඩත්තුවක් නැතිනම් Windshield එක හීරීම්වලට හා වැසි දිනකදී මාර්ගය මනා ලෙස දර්ශණය නොවීම වැනි කරුණුවලට ඔබ මුහුණ පෑමට ලක්විය හැකිය. මේ නිසා ඊට වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. Wiper එකක් මාරු කරනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔබට නිවසේදීම එය සිදුකරගන්න පුළුවන්. මෙහි දැක්වෙන්නේ පහසුවෙන්ම Wiper එකක් මාරුකරන පියවර 7ක් ගැනයි.

1. Wiper එක තෝරාගන්න

1 1

ඔබේ වාහනයට ගැලපෙන්නේ කුමන ආකාරයේ Wiper එකක්ද, යන්න තෝරාගත යුතු වෙනවා. මෙහිදී ඔබේ වාහනයේ Wiper එකෙහි දිග ඔබ මතක තබාගත යුතුය. වෙළෙඳ පොළකින් එම දිගට හා වාහන මාදිලිය අනුව Wiper තෝරාගත යුතු වෙනවා. ඇතැම් වාහනවල එක් Wiper එකක් දිග වන අතර අනෙක් Wiper එක කොට වෙනවා. තවත් වාහනවල Wiper දෙකම එක සමානයි. තවත් වාහනවල Wiper 1ක් පමණක් දකින්න පුළුවන්. මේ ගැනත් ඔබ අවධානයේ තබාගත යුතුය.

2.Wiper arm එක දිග හැර ගැනීම

2 1

වාහනයේ wiper එක ගැලවීමට ප්‍රථම  wiper arm එක දිග හැර ගත යුතුය. පහත රූපයේ පරිදි එය දිග හැර ගත හැකිය. මෙයත් එක් අතකින්  wiper එක හා අනෙක් අතින්  wiper arm එක ලෙස අත් දෙකෙන්ම අල්ලා ඉහළට ඔසවන්න.

 3. Wiper එක ගැලවීම

3 1

මෙතනදී ටිකක් ප්‍රවේශම් විය යුතුය. මෙම ක්‍රියාවලියේ සංකීර්ණ තැනක් ඇත්නම් මේ එම පියවරවල් 2යි. Wiper එකේ මැදින් හා Wiper arm එකට සවිවන ස්ථානය අනෙක් අතින් අල්ලා එළියට තද කළ යුතුය. එවිට Wiper arm එකේ කෙලවර වූ කොක්කක් වැනි කොටස ගැලවී එහි ඇති Clip එකේ සිරවෙයි.

4. Lock එකෙන් පැන්නීම

4

මෙම Clip එකෙනුත් Wiper එක එළියට ගැනීමට රූපයේ දැක්වෙන සේ Lock එක තද කිරීම කළ යුතුය. එය තද කර wiper arm එකෙන් එළියට wiper එක ඇදීමෙන් wiper arm එකෙන් wiper එක ගැළවෙයි.

5. අලුත් Wiper එක සවි කිරීම

5

පියවර 3 අනුගමනය කල ආකාරය අග ඉඳන් මුලට මෙහිදී සිදු කරන්න. wiper arm එක Clip එක තුළට දමා නැවත පහළට ඇදීමෙන් එය ස්වයංක්‍රීයව Lock වෙයි. ප්‍රමාණ වෙනස් Wiper නම් ඔබේ වාහනයට ගැලපෙන්නේ රියැදුරු ආසනය ඉදිරියෙන් ලොකු Wiper එකත් යොදන්න වගබලා ගන්න.

6.Wiper arm එක බා ගැනීම

7 1

හොඳින් Wiper එක Lock වී ඇතිදැයි නිරීක්ෂණය කළ පසු අත් දෙකෙන්ම අල්ලා නැවත එය Windshield එකෙන් තැබිය යුතුය. මෙලෙසම අනෙක් පස Wiper එකද දමාගත යුතුය.

7. Check කිරීම

6

නිසියාකාරව Wiper එක සවිවූවාදැයි බැලීමට රථයට windshield wiper fluid දමා (නැතිනම් ඔබ භාවිත කරන දෙයක්. උදා. වතුර)  windshield එකට ලබා දෙන්න.  Wiper Switch එක දමා බලන්න. හොඳින් පිස දැමෙනවාද? යම් කිසි ශබ්දයක් ඇසෙනවද යන්න නිරීක්ෂණය කරන්න. එසේ නොඇසේනම් ඔබ සාර්ථකව Wiper එක Replace කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also

වැසි දිනක යතුරුපැදි පදවන ඔබට සැලකිය යුතු කරුණු 7ක්

වැසි දිනක කාර්යාලයට හෝ නිවසින් බැහැර කුමන කටයුත්තකට යෑමට අවශ්‍යමනම්, ඒ සඳහා නොතෙමී යන්න වා…