ලෝකයේ විශාලම ටයර් සුසාන භූමිය පිළිබඳ ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට මතුවෙනවා. පසුගිය දිනවලත් කුවෙට්වල තියෙන විශාලම ටයර් සුසාන භූමියේ ඡායාරූප එසේ මතු වෙන්න ගත්තා. නමුත් නිසි තොරතුරක් සොයා ගැනීමට නොහැකි නිසා ඒ ටයර් සුසාන භූමිය පිළිබඳ තෙරතුරු අපි ඔබට කියන්න සිතුවා.

කුවෙට්වල වාහනයක් සාමාන්‍යයෙන් සැතපුම් 20,000-25,000ක් පමණ ධාවනය කළ විට එහි ටයර්වල ජීවිතය අවසාන කරනවා. ඒ සියලු ටයර් එකතු වෙන්නේ මේ වගේ සුසාන භූමිවලට. එසේ එකතුවූ ලොව විශාලම සුසාන භූමිය තියෙන්නේ කුවෙට්වල අල් සුලෙයිබියා (Al Sulaibiya) ප්‍රදේශයේ. වර්ග කිලෝමීටර් 2ක ප්‍රදේශයක ටයර් මිලියන 40ක් කට වඩා එකතු වී තිබේ.
මොවුන් සිදුකරන්නේ මේ වැලි සහිත පොළවේ විශාල වලවල් සාදා ඒ තුළට ටයර් පුරවන එකයි. මෙසේ පුරවනු ලබන ටයර් මිලියන 7කට වඩා ඒ පොළවේ තිබෙනවා. සුලෙයිබියා ප්‍රදේශයට ටයර් එන්නේ කුවෙට්වලින්ම විතරක් නෙමෙයි. තවත් රටවල් ගණනාවකින් මෙතනට ටයර් එනවා. මෙම ප්‍රදේශයේ විශාලත්වය කොපමණද කියා කියනවානම් අභ්‍යාවකාශයේ සිට බැලූවිටද මෙම ප්‍රදේශය දැක ගත හැකිය.

මෙම සුලෙයිබියා ටයර් සුසානභූමියේ 2019දී විශාල ගින්නක්ද හටගෙන තිබේ. එයින් ටයර් මිලියනයක් පමණ විනාශ වූ අතර, වර්ග මීටර් 25,000ක ප්‍රදේශයක් පුරා පැතිර ගියේය. අභ්‍යවකාශයේ සිටද මෙම ගින්න දැකගත හැකි විය.

කුවෙට් හි Environment Public Authority (EPA) මගින් 95%ක් ටයර් ඉවත් කිරීමට කටයුතු කළේය. ඔවුන් මෙම ටයර්වලින් වැඩි ප්‍රමාණයක් සල්මායි හි භූමියක් වෙන් කර ඊට මාරුකර තිබේ. කෙසේ නමුත් මෙතනට එකතුවන ටයර්වල අඩුවක්නම් දක්නට ලැබෙන්නේ නැහැ. එසේ එකතුවන ටයර්වලින් ¼කට සිදුවන්නේ කැලිකසල බවට පත්වීමටයි. දළවශයෙන් ගත්විට 30%ක ප්‍රමාණයක් කැලිකසල බවට, 20සුලෙයිබියා ප්‍රදේශයට ටයර් එන්නේ කුවෙට්වලින්ම විතරක් නෙමෙයි. තවත් රටවල් ගණනාවකින් මෙතනට ටයර් එනවා. 20%ක් නැවත පරිහරණයටද, 18%ක් energy recovery සඳහාද, 16%ක් විශේෂයෙන්ම landfill engineering සඳහාද, 11%ක් re-treaded සඳහා යොදා ගැනෙයි.


Takata Airbag ගැටලුව
Takata (ටකාටා) Airbag පිළිබඳ දැවැන්ත ප්‍රශ්ණයක් මේ වනවිට පැන නැගී තිබේ. මෝටර් රථ නිෂ්පාදනය…