ලැම්බොගිනිවලට සමාන හැඩරුවක් ඇති sports car මෝටර් රථ මාදිලියක් තමයි ZeroUno කියන්නේ. ඉතාලි මෝටර් රථ සමාගමක් වන Italdesign Giugiaro විසින් කමයි මේ රථය නිර්මාණය කරන්නේ. Zerouno Duerta ලෙස නම් කර ඇති මෙය අති විශේෂ මෝටර් රථයක් ලෙස සැලකෙයි.

Italdesign Giugiaro සමාගම විසින් මීට පෙර මාදිලි 5ක් පමණක් නිෂ්පාදනය කළ Zerouno coupe මෝටර් රථයද නිල වශයෙන් එළිදැක්වීමට පෙර සියල්ලම විකිණී අවසන්ය. ඒ ඇ.ඩො. මිලියන 1.7ක මිලකටය. එවැනි වාර්තා ආකර්ශණීය අලෙවියක් පෙන්නුම් කළ Italdesign Giugiaro සමාගමේ අද්විතීය රථයක් තමයි Zerouno Duerta කියන්නේ.
මෙම Zerouno Duerta නම් roadster මාදිලියේ රථය 2018 ස්විට්සර්ලන්තයේදී පැවැති ජිනීවා ජාත්‍යන්තර මෝටර් රථ ප්‍රදර්ශනයේදී මුල්වරට හඳුන්වා දුන්නේය.
- Engine: mid-mounted 5.2 liter naturally aspirated V10
- Power: 602 hp (449 kW; 610 PS) at 8,250 rpm
- Torque: 520 Nm (383.5 lb ft) at 6,500 rpm
- Transmission: seven-speed dual-clutch transmission
- Top Speed: 205 mph (330 km/h)

Audi R8 හා Lamborghini Huracán වැනි ලොව සුප්‍රසිද්ධ Sports Car සඳහා භාවිත කරන එන්ජිමකින් සමන්විත වෙයි. carbon Fiber හා Aluminum චැසියකින් නිර්මාණය කළ අතර body එක නිමවා ඇත්තේ carbon Fiber වලිනි. carbon-ceramic වලින් නිර්මාණය කළ තිරිංගවලින්ද carbon hardtop එකකින් සමන්විතය.
ඒ වගේම පැයට සැතපුම් 0-60ක වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්ත්පර 3.2ක් වැනි කෙටි කාලයකි.
- Length: 4847 mm, 190.8 in
- Width: 1970 mm, 77.6 in
- Height: 1204 mm, 47.4 in
- Weight: 1600 kg, 3527 lb
- Gearbox: A7
- Drive wheel: 4×4, AWD
- Fuel: petrol
- Number of cylinders: V10
- Cooling: liquid
- Capacity: 5204 ccm, 316.1 cu-in
- Bore: 84.5 mm, 3.327 in
- Stroke: 92.8 mm, 3.654 in
- Compression ratio: 12.7:1
- Valve Gear: DOHC






නවතම සුඛෝපභෝගී Off-Road SUV රථය: 2024 Porsche Cayenne
Porsche Cayenne මෝටර් රථයේ Third-generation එක (Codenamed E3) 2017දී හඳුන්වා දීමෙන් පසු එහ…